Published
වැඩබලන අගවිනිසුරුවරයා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු, ජනාධිපති නීතිඥ යසන්ත කෝදාගොඩ මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද දිවුරුම් දී තිබෙනවා.
ඒ, ජනාධිපති කාර්යාලයේදීයි.
අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා විදේශගත වීම හේතුවෙන් ජනාධිපතිවරයා විසින් මෙම පත් කිරීම සිදු කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
වැඩබලන අගවිනිසුරුවරයා දිවුරුම් දීමේ අවස්ථාවට ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාද එක්ව සිටි බව ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කළා.





