අමෙරිකාව විසින් ශ්‍රී ලංකාවට පනවා ඇති තීරුබදු ප්‍රතිශතය ඉහළ දැමීම හමුවේ රජය සිදුකළ යුත්තේ කර්මාන්තවලට හිතකර පරිසරයක් රට තුළ නිර්මාණය කිරීම බව ලාංකික එක්සත් ව්‍යවසායකයින්ගේ සංසදය පවසනවා.

එලෙස කටයුතු කිරීමෙන් රටට ආර්ථික වාසි ලබා ගැනීමට හැකියාව පවතින වන බවයි එම සංගමයේ සභාපතිනි ටානියා එස් අබේසුන්දර මහත්මිය පැවසුවේ

පවතින තත්ත්වය හමුවේ රට තුළ රැකියා විරහිතභාවයක් ඇති වීමේ අවදානමක් පවතින බවද ඇය කියාසිටියා.

ඒ අනුව පවතින අවදානම මගහරවා ගැනීමට විසදුම් සෙවීමේදී ඒ සදහා සුළු හා මධ්‍ය ව්‍යවසායකයින්ගේ ද අදහස් ලබා ගන්නා ලෙසයි ලාංකික එක්සත් ව්‍යවසායකයින්ගේ සංසදයේ සභාපති ටානියා එස් අබේසුන්දර මහත්මිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉල්ලා සිටියේ.