Published
කෘතිම හිඟයක් ඇති කිරීමේ අරමුණින් ගෘහස්ථ ගෑස් සිලින්ඩර් සගවාගෙන සිටි ව්‍යාපාරිකයෙකුට එරෙහිව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් අධිකරණ හමුවේ නඩු පවරා තිබෙනවා.
ඒ, පවතින අර්බුදකාරී තත්ත්වය තුළ වෙළඳසැල්හිමියෙකු විසින් ප්‍රමාණවත් තොග තිබියදීත් ගෑස් සිලින්ඩර් විකිණීම ප්‍රතික්ෂේප කරන බවට ලද පැමිණිලි අනුව හැටන්, දික්ඔය නගරයේ වෙළෙඳසැලක සිදුකළ වැටලීමකදීයි.
එහිදී කිලෝ ග්‍රෑම් 12.5 සිලින්ඩර 36ක්, කිලෝ ග්‍රෑම් 5 සිලින්ඩරයක් සහ කිලෝ ග්‍රෑම් 2.5 සිලින්ඩර 20ක් එම වෙළෙඳසැලේ තිබී සොයාගන තිබෙනවා.
එම ගෑස් සිලින්ඩර් තොගය පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන් විසින් සිය භාරයට ගැනීමෙන් අනතුරු පාරිභෝගිකයන් වෙත අලෙවි කළ බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.




