පොහොර සඳහා මුදල් ලබාගෙන ගොවතැන් නොකරන ගොවීන් සම්බන්ධයෙන් මේ කන්නයේ සිට දැඩිව සොයාබලන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසනවා.

නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ එම ගොවීන්ට ඉදිරියේදී පොහොර සහනාධාර ලබාදීම සම්බන්ධයෙන් ද තීරණයක් ගන්නා බවයි.

පසුගිය කන්නයට වඩා මෙවර වැඩි වී අස්වැන්නක් ලබාගැනීමට හැකිවනු ඇතැයි අපේක්ෂා කරන බවයි කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා වැඩිදුරටත් පැවසුවේ.