වැඩ වර්ජනයක් නොමැතිව මේ වන විට වෛද්‍යවරුන් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක.
මේ මොහොතේ ඉටුකර ගන්න ඇති ඉල්ලීම් මොනවාද?
වෛද්‍යවරුනුත් වාහන බලපත්‍ර ඉල්ලා ඇති බවට පළ වන වාර්තාවල ඇත්ත නැත්ත මොකද්ද?
මේ සොයා බැලීම ඒ පිළිබඳවයි.
මේ දවස්වල රෝහල් වැසීගොස් නැතත්, රෝගී සත්කාරක සේවා බිඳ වැටී නැතත් වෛද්‍යවරුන් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බව ඔබ දැන සිටියාද?
වැඩ වර්ජනයක් නොමැතිව වෛද්‍යවරුන් කරන මේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය කුමක්ද?
ඒ, රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා.
ඊයේ පස්වරුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ද වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් ප්‍රශ්න කෙරුණා.
කැබිනට් ප්‍රකාශක, විෂය භාර අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා එහිදී පැවසුවේ පවතින ආර්ථික තත්ත්වය මත වෛද්‍යවරුන්ට ලබාදිය හැකි උපරිම සහන මේ වන විට ලබාදෙමින් සිටින බවයි.
මේ වන විට වෛද්‍යවරුන්ට ඇති එකම ප්රශ්නය වාහන බලපත්‍රය ද?
නෙත් නිවුස් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතාගෙන් ඒ සම්බන්ධයෙන් සෘජුව ප්‍රශ්න කළා.



