කෙරවලපිටිය සහස්දනවි නමින් ද්‍රවිකෘත ස්වාභාවික වායු බලාගාරයක් ක්‍රියාත්මක කිරිම සදහා රජය කැබිනට් අනුමැතිය ලබා ගෙන ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. මේ කැබිනට් පත්‍රිකාවේ සදහන්ව ඇති ප්‍රධාන දත්තවල අසත්‍යභාවයක් ඇති බවත් මේ කැබිනට් පත්‍රිකාවට අනුව විදුලි ඒකකයක මිල රුපියල් 20.15ක් බවත් එවැනි ගණනය කිරිමකට පදනම් වි ඇත්තේ ඩීසල් ලීටරයක මිල රු. 110ක් සහ රුපියලේ විනිමය අනුපාතය 195ක් ලෙස බවත් විපක්ෂ නායකවරයා පවසන්නේ. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද සහස්දනවි විදුලි බලාගාර වංචාව සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදු කරමිනි. තවද මේ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරන අවස්ථාවේ ඩීසල් ලීටරයක මිල රු. 286ක් බවත් ඩොලරයක මිල රු. 300ක් බවත් වැරදි දත්ත මත පදනම්ව කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර සහස්දනවි විදුලි බලාගාරයට අනුමැතිය ගෙන රටටත් පාරිභෝගික ජනතාවටත් මරු පහරක් එල්ල කරමින් යන බවත් මෙය අන්ත දූෂිත ක්‍රියාදාමයක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසා සිටියේ. මේ වරද මහජන උපයෝගීතා කොමිසම විසින් බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරයා ලිඛිතව දැනුම් දී ඇති බවත් අවස්ථා 03ක් අනුව එය රු. 35.81ක්, රු. 43.25ක් සහ යථාර්ථවාදීව රු. 72.11ක් විය හැකි බව සත්‍යවාදී බවත් මෙහි ඇති බරපතල කරුණ වන්නේ මෙහි කැබිනට් පත්‍රිකාවේ සඳහන් මිල ඒකක සහ දත්ත අතර වැරදිභාවය පෙන්වා දුන්නත් මෙය ක්‍රියාත්මක කිරීමට 2025 මාර්තු අග ගිවිසුමක් පවා අත්සන් කර ඇති බවත් වැරදි දත්ත ඉදිරිපත් වන විට කැබිනට් එකේ සෙසු ඇමතිවරු මෙය නොදැන සිටියාද කියා ගැටලුවක් ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය. එම නිසා පැහැදිලිව මේ කැබිනට් පත්‍රිකාවට පදනම් වී ඇත්තේ අසත්‍ය තොරතුරු හා දත්ත බවත් මේ වරද මහජන උපයෝගීතා කොමිසම පෙන්වා දී ඇති මොහොතක එය ගණන් නොගෙන තමන්ට රිසි සේ මේ ව්‍යාපෘතිය රටට බරපතල පාඩුවක් කර ඇති බවත් පාරිභෝගික ජනතාවට බරපතල පාඩුවක් කර ඇති බවත් මේ සම්බන්ධයෙන් සමගි ජන බලවේගය, සමගි ජන සන්ධානය සහ විපක්ෂයේ සෙසු පාර්ශ්ව සමග සාකච්ඡා කර මේ වරද තුළින් රටට වෙන පාඩුව වළක්වා ගැනීමට ගත හැකි ගත යුතු සියලුම ප්‍රජාතන්ත්‍රවාදී පියවර ගන්නා බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දෙනු ලැබුවා. එසේම විදුලි බල මණ්ඩලයේ සහ එල්.ඩී.එල්. එකේ සභාපති එක් අයකු වීම නිසා ලබැදියාවන් අතර ගැටීමක් ඇති බවත් ඒ ලබැදියාවන් අතර ගැටලුව තිබියදී මෙවැනි ක්‍රියාදාමයක් සිදුවීම හිතාමතාම සිදුවන වරදක් බවත් එබැවින් දැන්වත් මේ ගැන සොයා බලා සහස්දනවි විදුලි බලාගාර ව්‍යාපෘතිය වෙනුවට පුනර්ජනනීය බලශක්තියට මුල්තැන දිය යුතු බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.
Published