වැරදි සිදු කරන සියලු රාජ්‍ය සේවකයින්ට එරෙහිව තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන බව මහජන ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය, නීතිඥ සුනිල් වටගල මහතා පවසනවා. පොලිස් නිලධාරීන් 21,000කගේ හිඟයක් පැවතියද වැරදි සිදු කළ පොලිස් නිලධාරීන් 300 දෙනෙකුගේ වැඩ තහනම් කළ බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ.

දේශපාලඥයා, රාජ්‍ය සේවකයා සහ පුරවැසියා සම්බන්ධ කරන ක්‍රමවේදය මේ වන විට ක්‍රියාත්මක කර ඇති බවද ඔහු පැවසුවා.