සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සමග අද පැවැත්වෙන තුන්වන සහ අවසන් පන්දු වාර විස්සයි විස්ස ක්‍රිකට් තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් කිහිපයක් සිදුවිය හැකි බව කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු සනත් ජයසූරිය පවසනවා.
ඔහු කියා සිටියේ කමිඳු මෙන්ඩිස්ට අද තරගයේදී කණ්ඩායමට එක්වීමට අවස්ථාවක් පවතින බවයි.
දීර්ඝ කාලයක් සංචිතයේ සිටියද පන්දුවාර විස්සයි විස්ස ජාත්‍යන්තර තරඟයක් සඳහා කණ්ඩායමේ අවස්ථාව හිමි නොවූ දිනේෂ් චන්දිමාල්ට ද අද තරගයේදී අවස්ථාවක් ලැබිය හැකි බවයි සනත් ජයසූරිය සඳහන් කළේ.
ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු පන්දුවාර විස්සයි විස්ස තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ජයගත් අතර දෙවන තරගයේ ජය හිමි වූයේ බංග්ලාදේශ කණ්ඩායමටයි.
ඒ අනුව අද තරගය දෙපිලටම අතිශය වැදගත් වන්නේ තරගාවලියේ ජයග්‍රහණය තීරණය කරන තරඟය වීම හේතුවෙන්.
තරඟය අද රාත්‍රී 07.00ට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.