Published
වැල්ලම්පිටිය, කිත්තම්පහුව ප්රදේශයේ ලැගුම්හලකදි අද අලුයම වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. පොලීසිය පැවසුවේ එම ප්රදේශයේ ලැගුම්හලක නවාතැන්ගෙන සිටි පුද්ගලයෙකු ඉලක්ක කර එම වෙඩි තැබීම සිදුව ඇති බවයි. යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින් එම වෙඩි තැබීම සිදුකර තිබෙනවා. කෙසේවෙතත් වෙඩි තැබීමෙන් කිසිදු ජීවිත හානියක් හෝ තුවාල සිදුවීමක් සිදුව නොමැති බවයි පොලීසිය පැවසුවේ.