මත්ද්‍රව්‍ය ඇතුළු විවිධ වැරදි සම්බන්ධයෙන් කාන්තාවන් තිදෙනකු ඇතුළු තිස් එක් දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ වැල්ලවාය පොලිස් ස්ථානයේ නිලධාරීන් සහ අවට පොලිස් ස්ථාන වල නිලධාරීන් ද සමග එක්ව වැල්ලවාය පොලිස් බල ප්‍රදේශය තුල සිදු කළ විශේෂ මෙහෙයුමකදියි.
මෙම මෙහෙයුමේ දී වැල්ලවාය යාලබෝව ප්‍රදේශයේ නිවසක් පරික්ෂා කිරීමේ දී එම නිවසේ තිබි අයිස් මත්ද්‍රව්‍ය තොගයක්,කඩුවක් සහ සඟවා තිබියදී මුදලින් රුපියල් ලක්ෂ හතළිස් පහක් පොලිස් නිලධාරීන් විසින් සොයාගෙන තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් එම නිවසේ සිටි වයස අවුරුදු විසිපහක කාන්තාවක් සහ එම සැකකාර කාන්තාවගේ නැන්දම්මා ද අයිස් මත්ද්‍රව්‍ය සමග පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර මෙම සැකකාරියන් ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ ප්‍රධාන පෙලේ සැකකරුවන් බව පොලිසිය සඳහන් කර සිටියේ.
පොලිස් අත්අඩංගුවට ගත් සියලුම සැකකරුවන් වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලවාය පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ඉදිරි විමර්ශන සිදු කරනු ලබනවා.