Published
වැල්ලවාය තණමල්විල ප්රධාන මාර්ගයේ වැල්ලවාය පොලිස් බල ප්රදේශයට අයත් යාලබෝව ලංගම ඩීපෝව ඉදිරිපිට ප්රදේශයේ දී ලොරි රථයක් සහ මෝටර් රථයක් එකිනෙක ගැටීමෙන් අද උදෑසන අනතුරක් සිදු වී තිබෙනවා.
අනතුරින් මෝටර් රථයේ සිටි දෙදෙනකු තුවාල ලබා වැල්ලවාය මූලික රෝහලට ඇතුලත් කර තිබෙන බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කර සිටියේ.
එම අනතුර නිසා ලොරි රථය මාර්ගය හරහා පෙරලී ගොස් ඇති අතර එක් මන්තීරුවක ගමනාගමනයටත් බදා එල්ල වී තිබෙනවා.
අනතුර සම්බන්ධයෙන් වැල්ලවාය පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ඉදිරි විමර්ශන සිදු කරනු ලබනවා



