වැල්ලවාය, හදපානාගල, පුබුදුවැව ප්‍රදේශයේ වගාවන් රැසකට වනඅලි හානිකර තිබෙනවා. පොල්ගස් සියයකට වැඩි ප්‍රමාණයකට සහ කෙසෙල් වගාවන් ඇතුළු වගාවන් රැසකට එලෙස වනඅලි හානි සිදුකර ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. මෙම දිනවල සෑම දිනකම පාහේ වනඅලි රංචු වශයෙන් ගම්මානයට කඩා වදින බව ප්‍රදේශවාසීන් පවසනවා.

පසුගිය කාල සීමාවේද වනඅලින් විසින් හදපානාගල ප්‍රදේශයේ වගා බිම් සහ දේපල විනාශ කිරීමේ සිදුවීම් කිහිපයක් වාර්තා වුණා. ජීවිත හානි සහ තවත් වගා හානි සිදුකිරීමට පෙර මෙම වනඅලි ගැටලු‍වට කඩිනමින් විසදුමක් ලබා දෙන ලෙසයි ප්‍රදේශවාසීන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ.