වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙක් සහ සැකකාරියක් අද අත්අඩංගුවට ගැණුනා.
සැකකරුවන් සැඟව සිටින බවට ලද තොරතුරකට අනුව, මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ සැලසුම් සහගත මෙහෙයුමකින් පසු අනුරාධපුර, කැකිරාව පොලිස් වසමේ නිවාස 50 ප්‍රදේශයේදී ඔවුන් අත්අඩංගුවට ගත් බවයි පොලීසිය සඳහන් කළේ.
ඒ, අනුව එම කොට්ඨාසයේ නිලධාරීන්, පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්, යුද හමුදා නිලධාරීන්ගේ ද සහාය ඇතිව අද අලුයම් කාලයේ දී කමතක් සඳහා භාවිත කරන ලද, අත්හැර දමන ලද නිවසක් සහිත ඉඩමක් වටලා තිබෙනවා.
එහිදී සැකකරුවෙක් හා සැකකාරියක් අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇති අතර, ඔවුන්ට පහසුකම් සලසන ලද එම ප්‍රදේශයේ පදිංචි තවත් සැකකරුවෙකු ද අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ් යූ වුට්ලර් මහතා පැවසුවේ.
මෙම සැකකරුවන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී සැකකරුවන් සමඟ සිටි තවත් පුද්ගලයින් කිහිපදෙනෙක් සහ පොලිස් නිලධාරින් අතර පොර බැදීමක් සිදුව තිබෙනවා.
එහිදී අදාළ අපරාධයට අවශ්‍යව කර සිටින සැකකරුවෙක් පළාගොස් ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.
මේ අතර වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර මහතාගේ අවසන් කටයුතු අද පස්වරුවේ සිදු කෙරුණා.
ඒ, පවුලේ පොදු සුසාන භූමියේදීයි.
ලසන්ත වික්‍රමසේකර මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු දේශපාලඥයින් රැසක් එක්ව සිටියා.




