වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර හෙවත් “මිදිගම ලසා” නැමැත්තා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් කණ්ඩායම් 04ක් මේ වන විට විමර්ශන ආරම්භ කර ඇති බව පොලිසිය පවසනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි එෆ්.යූ. වුට්ලර් මහතා පැවසුවේ දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ අධීක්ෂණය යටතේ එම විමර්ශන ක්‍රියාත්මක බවයි.

අද උදෑසන 10.40ට පමණ ත්‍’ වර්ගයේ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු අතරින් එක් අයෙකු එම වෙඩි තැබීම සිදුකර එම යතුරුපැදියෙන් පලාගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ.

වෙඩික්කරු ප්‍රාදේශිය සභා සභාපතිවරයාගේ නිල කාමරය තුළට ඇතුල් වී සභාපතිවරයාට වෙඩි ප්‍රහාර කිහිපයක් එල්ල කර එලෙස පලාගොස් ඇති බවද පොලිසිය පැවසුවා.

මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී ද උණුසුම් අදහස් පළ වුණා.

අදාල වෙඩි තැබීම සිදු වූ අවස්ථාවේදී විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වූයේ මෙලෙසයි.

සමගි ජන බලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා ද සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දැක්වූවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා එම සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දැක්වූයේ මෙලෙසයි.

එහිදී අදහස් දැක්වූ මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා කියා සිටියේ එම වෙඩි තැබීමේ සිද්ධිය පාතාල සාමාජිකයන් අතර ඇති වූ ආරවුලක් මත සිදු වූවක් බවට සැක කෙරෙන බවයි.

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා පාතාල අපරාධවලට සම්බන්ධ අයෙකු බවට තොරතුරු රැසක් පවතින බවද අමාත්‍යවරයා එහිදී කියා සිටියා.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය ආනන්ද විජේපාල මහතා.