Published
මාතර, වැලිගම, උඩුකාව ප්‍රදේශයේ ජාතික ජන බලවේගයේ මන්ත්‍රී නිතීඥ තාරක නානායක්කාර මහතාගේ නිවසට එල්ල වූ වෙඩි ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
වැලිගම ප්‍රදේශීය සභාවේ ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරයෙකු වන ඔහුගේ නිවසට මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී තිබුණේ අද අලුයම 04.40ට පමණයි.
යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර පලාගොස් තිබුණා.
වෙඩි ප්‍රහාරය එල්ල වී තිබුණේ නිවසේ ගේට්ටුවටයි. සිද්ධියෙන් කිසිවෙකුටත් තුවාල සිදුව නැහැ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් නෙත් නිවුස් නිතීඥ තාරක නානායක්කාර මහතාගේ විමසීමක් කළා.
පොලීසිය පැවසුවේ නිතීඥ තාරක නානායක්කාර මහතාට මරණ තර්ජන ඇති බව පවසා නිවසට පොලිස් ආරක්ෂව ද ලබාගෙන තිබූ බවයි.
වෙඩිකරුවන් වෙත පොලීසියෙන් ද වෙඩි තබා ඇති අතර එම අවස්ථාවේ ඔවුන් පලාගිය බවයි පොලීසිය සඳහන් කළේ.