වෙඩි ප්‍රහාරයකට ලක්ව බරපතළ තුවාල ලබා සිටි වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති, ලසන්ත වික්‍රමසේකර හෙවත් “මිදිගම ලසා” අද පෙරවරුවේ ජීවිතක්ෂයට පත් වුණා.

ඔහු උදැසන10:40 ට පමණ වෙඩි ප්‍රහාරයට ලක් වුණේ ප්‍රාදේශීය සභාවේ සභාපති පුටුව මතදීයි.

FZ යතුරුපැදියකින් පැමිණි නාඳුනන වෙඩික්කරුවන් දෙදෙනෙකු පිස්කතෝල වර්ගකේ ගිණි අවියකින් වෙඩිතැබීම සිදුකර තිබූ බවයි පොලිසිය පැවසුවේ.

සභාපතිවරයා හමුවට ලිපියක් අත්සන් කර ගැනීමට පැමිණි දෙදෙනෙකු ලෙස මෙම වෙඩික්කරුවන් ප්‍රාදේශීය සභාව තුළට පැමිණ ඇති බවටයි මේ වන විට තොරතුරු වාර්තා වන්නේ.

ලසන්ත වික්‍රමසේකර මහතා සම්බන්ධයෙන් පහත අපරාධ සම්බන්ධයන් වාර්තා වී ඇති බවයි පොලිසිය පවසන්නේ.

ඒ අනුව STF මගින් 2018.03.11 වන දින බලපත්‍රයක් නොමැතිව තුවක්කුවක් හා උන්ඩ 10 ක් ලග තබා ගැනීම, බිය ගන්වා කොල්ලකෑම, හබරාදුව පොලිස් ස්ථානයේ 2014.03.22 වන දින අන් අයෙකු ලෙස පෙනී සිට මුදල් වංචා කිරිම , 2011.03.11 වන දින වංචා කිරීම, වංචා කිරීමට ආධාර අනුබල දිම, සාපරාදී සාවද්‍ය පරිහරණය මෙන්ම 2015.10.28 වන දින මුදල් වංචා කිරීමට තැත් කිරීම, විශ්වාසය කඩකිරීම, සාපරාදී සාවද්‍ය පරිහරණය කිරීම සම්බන්ධයෙන් කුරුණෑගල පොලිස් ස්ථානයේ සටහන් වී තිබෙනවා.

තවද අවි ආයුධ ලඟ තබා ගැනිම සම්බන්ධයෙන් 2018.03.11දින සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසයේ සටහන් වී තිබෙනවා

2021.09.03 වන දින පුද්ගලයකුට ගිනි අවියකින් වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමට යොදා ගත් රථය ලබා දෙමින් මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමට අනුබල දීම සම්බන්ධයෙන් කොටවිල පොලිස් ස්ථානයේ ද සටහන් වී තිබෙනවා

තවද (AMIS) අනුව පරීක්ෂා කිරීමේදී පහත පරිදි අත්අඩංගුවට ගෙන ඇති බවට වාර්තා වනවා. ඒ අනුව 2017.09.16 දින වැලිගම පොලිස් ස්ථානය මඟින් පහර දිම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබෙන අතර 2018.03.11 දින සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය මඟින් නිති විරෝදි ගිණි අවි හා ජීව උන්ඩ ලග තබා ගැනීම සම්බන්ධයෙ අත්අඩංගුවට ගෙන තිබෙනවා.