Published
වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර මහතා ඝාතනය කළ සැකකරුවන් ඉදිරි දින තුන ඇතුලත අත්අඩංගුවට ගන්නා බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.
අමාත්‍යවරයා එහිදී කියා සිටියේ අදාල සැකකරුවන් සම්බන්ධයෙන් මේ වන විට සාර්ථක තොරතුරු ලැබී ඇති බවයි.
කෙසේවෙතත් තමන් ඝාතනය කිරීමට සූදානමක් ඇති බවට වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා මීට පෙර බලධාරින් දැනුවත් කර තිබූ බවයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේ.
මේ, විවාදයට එක් වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා.
කෙසේවෙතත් වත්මන් ආණ්ඩුව කිසිදු අපරාධකරුවෙකු ආරක්ෂා නොකරන බවයි නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පැවසුවේ.




