වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර මහතා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් සැකකරුවන් 07 දෙනෙකු නොවැම්බර් 13 දක්වා අද රක්ෂිත බන්ධනාගාර කෙරුණා. ඒ, පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් සැකකරුවන් මාතර ප්‍රධාන මහෙස්ත්‍රාත් චතුර දිසානායක මහතා හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේ දුන් නියෝගයක් මතයි.
වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව වෙඩික්කරු, යතුරුපැදිකරු ඇතුළු සැකකරුවන් 09 දෙනෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. ඒ අතරින් වෙඩික්කරු හා යතුරුපැදිකරු හැර වෙඩික්කරුගේ බිරිඳ, කැකිරාවේදී සැඟව සිටීමට ආධාර අනුබල දුන් අයෙක්, බොරැල්ල සහස්පුර ප්‍රදේශයේදී වෙඩික්කරුට සහාය දුන් පුද්ගලයින් දෙදෙනෙක් අද අධිකරණයට ඉදිරිපත් කෙරුණා.
ඊට අමතරව වෙඩික්කරුට ඝාතනයට පෙර සහ පසු ප්‍රවාහන පහසුකම් සැපයූ ගාල්ල අගුළුගහ පදිංචි ත්‍රීරෝද රථ රියදුරෙක්, ඝාතනයට යොදාගත් යතුරුපැදිය ස්ටාටර් මෝටරය සවිකර අලුත්වැඩියාව කර දුන් වැලිගම වලානේ ගරාජ් හිමිකරු හා එම යතුරුපැදිය ඝාතකයින්ට ගෙනවිත් දුන් පොල්අතුමෝදර තරුණයෙක්ද අද මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කර තිබුණා.
මේ අතර වැලිගම සභාපති ඝාතනයට අදාළව වෙඩික්කරු හා යතුරුපැදිකරු මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ අත්අඩංගුවේ පසුවනවා. ඔවුන් දින 90ක රැදවුම් නියෝග මත රඳවා තැබීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය මීට පෙර නියෝග කළා.




