සංවිධානාත්මක අපරාධකරුවෙකු වන සහන් සිසි කැළුම් හෙවත් වැලිගම සහන් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා

ඉන්දියාවෙන් මෙරටට පිටුවහල් කල මොහු කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොලට පැමිණි අවස්ථාවේදී ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ඒකකය මගින් අත්අඩංගුවට ගත් බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කර සිටියේ.

සැකකරු වැඩිදුර විමර්ශන සඳහා කළුතර අපරාධ කොට්ඨාසයට භාර දී තිබෙනවා.

පානදුර ප්‍රදේශයේ සහ කළුතර ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමේ සිද්ධීන් දෙකකට මෙන්ම මට්ටක්කුලියේ පත්තෑ සුරංග නැමැත්තාට වෙඩි තැබීමේ ප්‍රධාන සැකකරු වන්නේද මෙම වැලිගම සහන් නැමැත්තා බවද මොහු කුලී ඝාතකයෙකු වනවා.