වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැණුනු වෙඩික්කරු ඇතුළු අනෙකුත් සැකකරුවන්ගෙන් තවදුරටත් ප්‍රශ්න කරමින් සිටින බව පොලීසිය පවසනවා.
ඊයේ පස්වරුවේ නාවින්න ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැණුනු එම ඝාතන සිද්ධියේ වෙඩික්කරුට කොළඹ ප්‍රදේශයේදී සිය ස්වරූපට වෙනස් කර ගැනීමට සහය ලබා දුන් පුද්ගලයින් කිහිපදෙනෙකු සම්බන්ධයෙන්ද විමර්ශන ක්‍රියාත්මක බවයි පොලිස් ආරංචි මාර්ග අනාවරණ කළේ.
මේ අතර වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අදත් දේශපාලඥයින් විවිධ අදහස් පළකළා.
කොළඹ පැවති මාධ්‍ය හමුවකදී පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා ඒ සම්බන්ධයෙන් පළ කළේ මෙවන් අදහසක්.
වැලිගම ප්‍රදේශීය සභාවේ සභාපතිවරයා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ සැකකරුවන් දින 03ක් ඇතුළත අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා මාධ්‍ය වෙත අදහස් දැක්වූයේ මෙලෙසයි.
ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා.




