​වැලිමඩ රේන්දපොළ ප්‍රදේශයේ ඊයේ රාත්‍රී 12:00 ට පමණ නාය යාමක් සිදුව්ක තිබෙනවා.

​දියතලාවෙන් පිටත් වූ 20 දෙනෙකුගෙන් යුත් හමුදා කණ්ඩායම, මාර්ග අවහිරතා හේතුවෙන් කිලෝමීටර් 8 ක් පමණ පා ගමනින් ගොස්, මීට සුළු මොහොතකට පෙර ජීවිත බේරා ගත් බවයි සඳහන් වන්නේ.

මේවන විට ​විදෙස් සංචාරකයින් 03 ක් මෙක්සිකානු සංචාරකයෙක් සහ ආර්ජන්ටීනියානු සංචාරකයන් දෙදෙනකු සහ ​ප්‍රදේශවාසින් 09 ක් ( කුඩා දරුවෙකු ඇතුලු පිරිසක්)
​ඇතුලු දොලොස් (12) දෙනෙකු නිරුපද්‍රිතව මුදවා ගැනීමට හමුදා භට පිරිස් සමත් වී තිබෙනවා.

​ගම්වාසීන්ගේ වාර්තා අනුව, තවත් නිවාස 05ක් පමණ හා එහි සිටි 10 දෙනෙකු ආසන්න පිරිසක් එම පස් කන්දකට යටවී ඇති බවට සැක පළ කරනවා.

තවදුරටත් ඔවුන් මුදවා ගැනිමේ මෙහෙයුම් ක්‍රියාත්මකයි.