කොතෙකුත් විරෝධතා පැමිණියද වැව් ආශ්‍රිතව ඉදිකර ඇති සියලු අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමට පියවර ගන්නා බව කෘෂිකර්ම, පශු සම්පත් ඉඩම් සහ වාරි මාර්ග අමාත්‍ය කේ ඩී ලාල්කාන්ත මහතා පවසනවා.

එම වැඩසටහන අනුරාධපුර ප්‍රදේශයෙන් ආරම්භ කරන බවයි අමාත්‍යවරයා පැවසුවේ.

බතලගොඩ ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක්වෙමින් කෘෂිකර්ම, පශු සම්පත් ඉඩම් සහ වාරි මාර්ග අමාත්‍යවරයා මේ බව පැවසුවා.