ආණ්ඩුව ප්‍රකාශ කරන තරම් පහසුවෙන් වැව් ආසන්නයේ දැනට ඉදිකර ඇති ගොඩනැගිලි ඉවත් කිරීමට නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසුවා.

ඔහු කියා සිටියේ ඇතැම් ඉදිකිරීම් රජයේ මැදිහත් වීමෙන් ඉදිකර ඇති බවයි.

මන්ත්‍රීවරයා සඳහන් කළේ මීට පෙර පැවති ආණ්ඩුද මෙවැනි තීන්දු ගත්තද ඒවා ක්‍රියාත්මක කිරීමට නොහැකි වූ බවයි.

මේ අතර නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සම්බන්ධයෙන් අදහස් පළ කළා.

පසුව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අදහස් පළ කළේ මෙලෙසයි.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන මහතා පාර්ලිමේන්තුවේදී අද අදහස් පළ කිරීමේදී සංවේදී වුණා.

මේ අතර සේවකයින්ගේ අයවැය සහන දීමනා සංශෝධන පනත් කෙටුම්පත තෙවන වර කියවීම පාර්ලිමේන්තුවේදී අද විශේෂ බහුතරයකින් සම්මත වුණා.

ඊට පක්ෂව ඡන්ද 181ක් හිමි වූ අතර විරුද්ධව කිසිඳු ඡන්දක් ප්‍රකාශ වූ නැහැ.

ඒ අනුව කථානායකවරයා සභාවට දැනුම්දුන්නේ සේවකයින්ගේ අයවැය සහන දීමනා සංශෝධන පනත් කෙටුම්පත සංශෝධන සහිතව වැඩි ඡන්ද 181කින් සම්මත වූ බවයි.

එමෙන්ම සේවකයින්ගේ ජාතික අවම වේතනය සංශෝධන පනත් කෙටුම්පත ද පාර්ලිමේන්තුවේදී අද තුන්වන වර කියවා සංශෝධන සහිතව සම්මත කරගත් බව කථානායකවරයා සභාවට දැනුම්දුන්නා.