පවතින අධික වැසි තත්ත්වය හේතුවෙන් සියලු ගංගාවල ජල මට්ටම ඉහළ යමින් පවතිනවා.
වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ නවතම දත්තවලට අනුව කැළණි ගඟ, මැණික් ගඟ, මහවැලි ගඟ, මල්වතු ඔය, දැදුරු ඔය සහ මහ ඔය පවතින්නේ ගංවතුර අවදානමකයි.
මේ වන විට ඇදහැළෙන වර්ෂාවත් සමග ගංඟාවල ජල මට්ටම සහ ඉදිරියේදී ඇතිවිය හැකි අවදානම පිළිබඳ වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා හා ආපදා කළමනාකරණ අධ්යක්ෂ ඉංජිනේරු එල් එස් සූරියබණ්ඩාර මහතාගෙන් නෙත් නිවුස් විමසීමක් කළා.
වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා හා ආපදා කළමනාකරණ අධ්යක්ෂ ඉංජිනේරු එල් එස් සූරියබණ්ඩාර මහතා ජනතාවට දැනුම්දුන්නේ මෙවර ගංවතුර වෙනත් වසරවල ගංවතුරට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් සහ වේගවත් බවයි. එබැවින් වෙනත් අවස්ථාවල මෙන් ගංවතුර දැන් අඩු වේ යැයි සිතමින් අවදානම් ප්‍රදේශවල රැඳී නොසිටින ලෙසයි.
ගංගාවල ජල මට්ටම සම්බන්ධයෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුව නවතම නිවේදනයක් අද අළුයම නිකුත් කර තිබුණා.
ඒ අතරින් ඊයේ රාත්‍රියේ හදිසියේ ජල මට්ටම වැඩි වී ඇත්තේ යාන් ඔය ද්‍රෝණියේ සහ අත්තනගලුඔය ද්රෝණියේයි.




