ලබන 21 වන දිනෙන් පසු පවතින වැසි තත්ත්වයේ වැඩි වීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
මේ වන විට ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් පිහිටා ඇති වායුගෝලයේ කැළඹිලි ස්වභාවය අඩු පීඩන තත්ත්වයක් දක්වා වර්ධනය වීම මෙම තත්ත්වයට හේතුව බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා පැවසුවේ.
පවතින අයහපත් කාලගුණික තත්ත්වය සමග දිස්ත්‍රික්ක 06කට පනවා ඇති නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදනය තවදුරටත් දීර්ඝ කර තිබෙනවා. ඒ අනුව බදුල්ල, මහනුවර, කෑගල්ල, මාතලේ, නුවරඑළිය සහ රත්නපුර යන දිස්ත්‍රික්ක සඳහා එම නායයෑම් අනතුරු ඇඟවීම බලපැවැත්වෙන බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යේෂ්ඨ විද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධීර මහතා පවසන්නේ.
මේ අතර, පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමග ජලාශ කිහිපයක වාන් දොරටු විවෘත කර ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.
එහි ජල කළමනාකරණ අධ්යක්ෂ ඉංජිනේරු එච් එම් පී එස් ඩී හේරත් මහතා පැවසුවේ වාරි මාර්ග දෙපාර්තමේන්තුව යටතේ පවතින සියලුම ජලාශවල වාන් දොරටු විවෘත කර ඇති බවයි.
පවතින වර්ෂාපතනය හා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාලගුණ අනාවැකිය සැලකිල්ලට ගනිමින් අනතුරු ඇඟවීම් දීර්ඝ කළ බවද ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යේෂ්ඨ විද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධීර මහතා පැවසුවා.


