Published
ඉදිරි දින කිහිප තුළදී පවතින වැසි තත්ත්වයේ අඩුවීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එහි අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් මහතා පැවසුවේ දිවයිනේ නැගෙනහිර කොටසේ තරමක වැසි අපේක්ෂා කළ හැකි බවයි.
තවදුරටත් දිවයින හරහා ඊසානදිග මෝසම සක්‍රියව පවතින බැවින් අද දිනය තුළත් දිවයිනේ ප්‍රදේශ රැසක වැසි වාර කිහිපයක් බලාපොරොත්තු විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් මහතා වැඩිදුරටත් සඳහන් කළේ.




