විද්‍යුත් බැංකු කාඩ්පත් ඔස්සේ බස් ගාස්තු ගෙවීමේ නියමු ව්‍යාපෘතියක් අද පෙරවරුවේ මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේදී ආරම්භ කෙරෙනවා.

ඩිජිටල් අමාත්‍යංශය සහ ප්‍රවාහන අමාත්‍යංශය එක්ව මෙහෙයවන එම වැඩසටහන ප්‍රවාහන සහ මහාමාර්ග අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කරන බවයි ප්‍රවාහන සහ මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පැවසුවේ.

මේ අතර ප්‍රවාහන වෛද්‍ය ඒකකයේ ජංගම පරීක්ෂණ ක්‍රියාත්මක කෙරෙන රථය ද අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ නිරීක්ෂණයට ලක්කර එහි කාර්යයන් ද ආරම්භ කරන බවයි ප්‍රවාහන සහ මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා වැඩිදුරටත් පැවසුවේ.