එක් පුද්ගලයෙකුට හෝ එක් කණ්ඩායමකට අවශ්‍ය පරිදි විදුලිබල මණ්ඩලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදු නොකරන බව විදුලිබල අමාත්‍ය කුමාර ජයකොඩි මහතා පවසනවා.

යෝජිත ප්‍රධාන සමාගම් 04ට අනියුක්ත නොවන විදුලි සේවකයින්ට අදාළ වන්දි මුදල් ලබා ගෙන සේවයෙන් ඉවත්විය හැකි බවයි අමාත්‍යවරයා පැවසුවේ.

කිසිවිටෙකත් ලංකා විදුලිබල මණ්ඩලය පුද්ගලීකරණයට ලක් නොකරන බවයි විදුලිබල අමාත්‍ය කුමාර ජයකොඩි මහතා වැඩිදුරටත් පැවසුවේ.