Published
ශ්‍රී ලංකා විදුලිබල සංශෝධන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවේදී සංශෝධන සහිතව සම්මත වුණා. එම පනත් කෙටුම්පත පිළිබඳ දෙවනවර කියවීමේ විවාදය අවසානයේ පැවති ඡන්ද විමසීමේදී පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 121ක් හිමිවූ අතර විපක්ෂව ලැබී තිබූ ඡන්ද සංඛ්‍යාව 25ක්. ඒ අනුව එම පනත් කෙටුම්පත දෙවනවර කියවීම සම්මත වුණේ වැඩි ඡන්ද 96කින්. ඉන් අනතුරුව කාරක සභා අවස්ථා විවාදයේදී පනත් කෙටුම්පතට සංශෝධන ඉදිරිපත් කෙරුණු අතර එහිදී ඡන්ද විමසීමකින් තොරව පනත් කෙටුම්පත සම්මත වුණා. මෙම පනත් කෙටුම්පත පිළිබඳ විවාදය ආරම්භ කරමින් බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා අදහස් දැක්වූයේ මෙලෙසයි.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විවාදයට එක්වෙමින් මෙලෙස අදහස් පළ කළා. එහිදී බලශක්ති අමාත්‍යවරයා සහ විපක්ෂ නායකවරයා අතර ඇති වුණේ මෙවන් සංවාදයක්. ආණ්ඩු පක්ෂය වෙනුවෙන් අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා ද අදහස් පළ කළා. පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා විවාදයේදී අදහස් දැක්වූයේ මෙලෙසයි. ආණ්ඩු පක්ෂය වෙනුවෙන් විවාදයට එක්වූ රුවන් විජේවීර මහතා විපක්ෂයෙන් එල්ල වූ චෝදනාවලට පිළිතුරු ලබාදුන්නේ මෙලෙසයි.