Published
මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල පිහිටි ජල පෝෂක ප්‍රදේශවලට දිනපතා පස්වරුවේ ඇද හැලෙන අධික වර්ෂාවත් සමග කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මටට්ම පිටාර මට්ටමට ආසන්න වෙමින් පවතින බව එම ජලාශභාර ඉංජිනේරුවරුන් පවසා තිබෙනවා.
කාසල්රි ජලාශය පිටාර මට්ටමට අඩි 9ක් සහ මාවුස්සාකැලේ ජලාශය පිටාර මට්ටමට අඩි 15ක් දක්වා ආසන්න වෙමින් පවතින බවත්, ජලාශ දෙකේම ජල මට්ටම ඉහළ යෑමත් සමග විමලසුරේන්ද්‍ර, ලක්ෂපාන, නව ලක්ෂපාන, කැනියෝන් සහ පොල්පිටිය ජල විදුලි බලාගාරවල විදුලි උත්පාදනය උපරිම ධාරිතාවෙන් සිදු කරන බවයි වාර්තා වන්නේ.
මේ අතර, පවතින වර්ශාවත් සමග හැටන් ඩෙවෝන් සහ සෙන්ක්ලෙයාර් දිය ඇලිවල ජලධාරිතාවද ඉහළ ගොස් තිබෙනවා.





