Published
වර්තමාන රජය මැතිවරණ කාලය තුළදී ජනතාවට ලබාදුන් පොරොන්දු අමතක කරමින් යළිත් විදුලි බිල වැඩි කිරීමේ උත්සාහයක නිරත වන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී මුජිබර් රහුමාන් මහතා පවසනවා.
ජනතාව අපහසුතාවට පත් කරමින් යළිත් විදුලි බිල වැඩි කිරීමට රජය උත්සාහ කරන්නේ නම් විපක්ෂයක් ලෙස ජනතාව සමග එක්ව සිටින බවයි ඔහු පැවසුවේ.
පැවති ආපදා තත්ත්වයත් සමග දැඩි පීඩනකාරී තත්ත්වයෙන් සිටින ජනතාව වෙත රාජ්ය ආදායමෙන් කොටසක් සහන වශයෙන් ලබාදිය යුතු බවද සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී මුජිබර් රහුමාන් මහතා වැඩිදුරටත් සඳහන් කළා.




