විදුලි බිල සංශෝධනය කරන්නේ නම් මේ මාසයේ සිට නොව ලබන මාසයේ සිට එය සිදු කරන්නැයි ප්‍රවීණ බලශක්ති විශ්ලේෂක අශෝක අබේගුණවර්ධන මහතා ඉල්ලීමක් කරනවා.
ඔහු මෙම ඉල්ලීම සිදුකලේ ඊයේ අවසන් වූ යෝජිත විදුලි ගාස්තු සංශෝධනයට අදාළ මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ මහජන අදහස් විමසීමේ කොළඹ දිස්ත්‍රික් සැසියට එක්වීමෙන්.
ඔහු මෙහිදී සඳහන් කළේ විදුලි ගාස්තු සංශෝධනයක් සිදු කිරීමට අවශ්‍ය යැයි ලංකා විදුලිබල මණ්ඩලය පෙන්වා දෙන දත්තවල පරස්පරතා පවතින බවයි.
මෙම අවස්ථාවට එක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා ද පැවසුවේ විදුලි ගාස්තු වැඩි කිරීමට තරම් පාඩුවක් ලංකා විදුලිබල මණ්ඩලයට සිදුව නොමැති බවයි.
2025 වසරේ දෙවන විදුලි ගාස්තු සංශෝධනය ජුනි පළමුවනදා සිට ක්‍රියාත්මක කළ යුතු බවට ලංකා විදුලිබල මණ්ඩලය මහජන උපයෝගිතා කොමිසමට දැනුම්දී තිබෙනවා.
එහිදී ඔවුන් ඉල්ලා සිටියේ සියයට 18. 3කින් විදුලි ගාස්තු වැඩි කිරීමටයි.