විදේශ රැකියාවෙහි නිරත ශ්‍රි ලාංකික ශ්‍රමිකයින්ගේ පාසල් අධ්‍යාපනය ලබන දූ දරුවන්ට ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීම සඳහා ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් අයදුම්පත් කැඳවා තිබෙනවා.
ඒ අනුව 2019 වසරේ ජනවාරි 01 වනදා සිට 2024 වසරේ සැප්තැම්බර් 15 වනදා දක්වා කාලය තුළ කාර්යාංශයේ ලියාපදිංචිය ලබා විදේශ රැකියාවේ නිරතව සිටින දෙමාපියන්ගේ දරුවන් සඳහා මෙම ශිෂ්‍යත්ව පිරිනමනු ලබනවා.
2024 වර්ෂයේ 05 වසර ශිෂ්‍යත්ව විභාගය සමත්, 2023 වර්ෂයට අදාළව අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සමත් හා 2023 වර්ෂයට අදාළව අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සමත්ව රජයේ හෝ පෞද්ගලික විශ්වවිද්‍යාලයක, නැතිනම් රජයේ කාර්මික විද්‍යාලයක හෝ වෙනත් රජයේ අධ්‍යාපන ආයතනයක අධ්‍යාපනය හදාරන දරුවන්ට මෙම ශිෂ්‍යත්ව සඳහා අයදුම් කළ හැකියි.
ඒ අනුව 05 වසර ශිෂ්‍යත්ව විභාගය සමත් දරුවෙකු සඳහා රුපියල් 25,000ක මුදලක්ද, අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ සමත් දරුවන් සඳහා රුපියල් 30,000 බැගින් හා අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සමත් දරුවන් සඳහා රුපියල් 40,000 බැගින් ශිෂ්‍යත්ව පිරිනැමීමට නියමිතයි.
මෙම ශිෂ්‍යත්ව සදහා මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ අයදුම්පත් කැඳවන අතර, විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිළ වෙබ් අඩවිය වන www.slbfe.lk වෙබ් අඩවියට පිවිසීමෙන් මේ සඳහා අයදුම් කළ හැකිය.