Published
විදෙස් රටක නිෂ්පාදිත පිස්තෝල අවියක් සහ එම පතරොම් සමග සැකකරුවන් තිදෙනෙකු ගාල්ල වරාය පොලිස් ස්ථානයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, ගාල්ල වරාය පොලිස් වසමේ ධීවර වරාය අසලදී සිදුකළ වැටලීමකදීයි.
එහිදී විදෙස් රටක නිෂ්පාදිත පිස්තෝල අවියක් හා මිලි මීටර් 9 ප්‍රමාණයේ පතරොම් 05ක් සමඟ සැකකරුවෙකු, ඔහු සමඟ පැමිණ සිටි තවත් පුද්ගලයින් දෙදෙනෙකු හා මොටර් රථයක් ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරුවන් අවුරුදු 45, 54 හා 57 වයස්වල පසුවන චීන වරාය හා දොඩන්දූව ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි පොලීසිය පැවසුවේ.
සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල වරාය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.