Published
දිවයිනේ ප්‍රදේශ රැසක පසුගිය කාලසීමාව තුළ වෙඩිතැබීම් රැසක් සිදුවුණා.
පොලීසිය පැවසුවේ සංවිධානාත්මක අපරාධ කල්ලි අතර පවතින ආරවුල් තත්ත්වයන් හේතුවෙන් මෙම වෙඩිතැබීම් සිදුවන බවයි.
මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් හටගන්නා මතගැටුම්ද මෙම වෙඩිතැබීම්වලට ප්‍රධාන හේතුන් බවයි පොලීසිය සඳහන් කළේ.
එමෙන්ම විදෙස්ගතව සිටින පාතාල කල්ලි නායකයින්ද මෙම වෙඩිතැබීම්වලට ඍජුවම සම්බන්ධ බව පොලීසිය සිදු කළ පරික්‍ෂණවලදී අනාවරණ වී ඇති බවයි වාර්තා වන්නේ.
විදෙස් රටවල සිටින නම ගිය පාතාල නායකයින්ට ශ්‍රී ලංකා පොලීසිය විසින් මේ වන විටත් රතු නිවේදන නිකුත් කර තිබෙනවා.
මේ අතර ඇතැම් ප්‍රදේශවල සිදුවන වෙඩිතැබීම් සහ විදෙස් රටවල සිටින පාතාල කල්ලි නායකයින් මෙරටට රැගෙන ඒම පිළිබඳව මහජන ආරක්‍ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා මෙලෙස අදහස් පළ කළා.