විදේශ රටවල සංචාරය කරන සහ විදෙස් රටවල ජීවත්වන අමෙරිකානුවන්හට අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

ඒ, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඇතුළු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින්.

අදාළ අනතුරු ඇඟවීමේ දැක්වෙන්නේ ලොව පුරා වෙසෙන අමෙරිකානුවන් වඩාත් ප්‍රවේශම් විය යුතු බවයි.

ඊශ්‍රායල සහ ඉරානය අතර පවතින යුධ ගැටුම හේතුවෙන් මැද පෙරදිග හරහා ගමනාගමනයට බාධා ඇති වී ඇති බවත් ගුවන් ගමන්ද වරින් වර වසා දමා ඇති බවත් අදාළ නිවේදනයෙන් පෙන්වා දී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා.

එමෙන්ම අමෙරිකානු පුරවැසියන්ට එරෙහිව විරෝධතාවයන්ද ඇති විය හැකි බවයි පැවසෙන්නේ.

එම අනතුරු ඇඟවීම සිදු කර ඇත්තේ ඇමරිකාව විසින් ඉරාන න්‍යෂ්ටික කඳවුරු තුනකට පහර දීමෙන් දිනකට පසුව වීම විශේෂත්වයක්.

කෙසේවෙතත් මිට පෙරද ඇමරිකාවේ ජනාධිපතිවරයා විසින් සන්නද්ධ ගැටුම්, ත්‍රස්තවාදය සහ සිවිල් නොසන්සුන්තා හේතුවෙන් ඊශ්‍රායලයට සහ ගාසා තීරය වැනි ස්ථානවලට නොයන ලෙසට අමෙරිකානු සංචාරකයින්ට අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.