අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවට සංචාරය සඳහා පැමිණ සිටින ඇතැම් විදේශීය සංචාරකයින්ද අපහසුතාවයට පත්ව තිබෙනවා.

පවතින ආපදා තත්ත්වය මත යම් විදේශිකයෙකු හෝ කණ්ඩායමක් විපතට පත්ව සිටිනම් පහත අංක මගින් පොලිසිය දැනුවත් කළ හැකි බව දන්වා සිටිනවා

පවතින ආපදා තත්ත්වය මත යම් විදේශිකයෙකු හෝ කණ්ඩායමක් විපතට පත්ව ඇති විටකදී හෝ ගුවන්තොටුපල වෙත පැමිණීමට නොහැකිව සිටී නම් ඔවුන් පිළිබඳව සොයා බලා ඔවුන්ට උපරිම ආරක්ෂාව සහ සහාය ලබා දීම ශ්‍රී ලංකා පොලිසිය විසින් සිදු කරනු ලබන බවයි සඳහන් වන්නේ .

ඒ අනුව, පහත තොරතුරු හා දුරකථන අංක මගින් පොලිසිය දැනුවත් කළ හැකියි.

– අධ්‍යක්ෂ, පොලිස් සංචාරක කොට්ඨාසය

ජංගම දුරකථන අංකය – 071 – 8591894

– ස්ථානාධිපති, පොලිස් සංචාරක කොට්ඨාසය

ස්ථාවර දුරකථන අංකය – 011 – 2421070
ජංගම දුරකථන අංකය – 071 – 8591895

– ස්ථානාධිපති, ගුවන්තොටුපල පොලිසිය

ස්ථාවර දුරකථන අංකය – 011 – 2251475
ජංගම දුරකථන අංකය – 071 – 8591640

-ස්ථානාධිපති, ගුවන්තොටුපල සංචාරක පොලිසිය

ජංගම දුරකථන අංකය – 071 – 8596057