මෙවර ශ්‍රී පාද වන්දනා සමයේදී නිසි පරිදි කසල බැහැර කරන්නැයි ශ්‍රී පාදස්ථානාධිපති පූජ්‍ය බෙන්ගමුවේ ධම්මදින්න නාහිමියන් වන්දනාකරුවන්ගෙන් ඉල්ලීමක් කරනවා.

සෑම ශ්‍රී පාද වන්දනා සමයකදීම හිස් ප්ලාස්ටික් බෝතල් වන්දනාකරුවන් විසින් පරිසරයට මුදාහරින බවයි උන්වහන්සේ පැවසුවේ.

2025-2026 ශ්‍රී පාද වන්දනා වාරය දෙසැම්බර් 04 වනදාට යෙදෙන උදුවප් පුර පසළොස්වක පොහෝ දිනයෙන් ආරම්භ වන බවද උන්වහස්සේ වැඩිදුරටත් පැවසුවා.

මෙවර ශ්‍රී පාද වන්දනා වාරය ආරම්භ කිරිම සම්බන්ධයෙන් රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ නිළධාරින් දැනුවත් කිරිම සදහා නල්ලතන්නිය ග්‍රාම නිලධාරි කාර්යාලයේ පැවති විශේෂ රැස්වීමකට එක්වෙමින් උන්වහන්සේ මෙම අදහස් පළ කළා.