විදේශිකයෝ සීගිරි නගරයේ රැය ගත කරන අලුත්ම ක්‍රමවේදයක් මේ වන විට ප්‍රදේශවාසින් විසින්ම විදේශීය සංචාරකයන්ට හඳුන්වා දී තිබෙනවා.
ඒ සවස පහට සීගිරි පව්ව නැරඹීම ටද සීමා කොට තිබීම නිසා සවස් කාලයේ සීගිරියේ විදේශිකයන් නැවතීමක් සිදු නොවන පරිසරයක සීගිරියේ සුන්දර රැයක් ගතකොට දේශීය ආහාර වේලක රස බලන්නට මෙන්ම ගීතයකට සවන්දීමට අවස්තාව උදාකර දෙමින්.
මේවන විට එම ක්රියාවලියට විදේශීය සංචාරකයන්ගේ විශාල කැමැත්තක් දක්නට ඇති අතර සිගිරිය රෑ කාලය තනිකරම සංචාරක පාරාදීසයක් බවට පත්ව තිබේ.
ගැනීමට ලබාදීම නිවසේ පිසින ආහාර ලබාදීම එළවළු පලතුරු ටික ප්රදේශයෙන්ම ලබා දීම දේශීය ආහාර රාත්රියට ලබා දීමෙන් බොහෝ ආර්ථික වාසි සීගිරියේ ප්‍රදේශවාසීන්ට ලැබෙන බව ඔවුහු පෙන්වා දෙති.
ඔවුන් පෙන්වා දෙන්නේ විශේෂයෙන්ම තරුණ විදේශීය කණ්ඩායම් සීගිරියේ රැඳී සිටීමට පැමිණ සිටින නිසාවෙන් ඔවුන් හට ආහාර නවාතැන් සහ විනෝද වීම සඳහා අවශ්ය පහසුකම් තවදුරටත් සංවර්ධනය කරන්නේ නම් විශාල විදේශිකයන් පිරිසක් සීගිරියට පැමිණෙන බව සංචාරක කර්මාන්තයේ යෙදෙන ජනතාව පෙන්වා දෙන්නේ.
Published