රුපියල් ලක්ෂ හැටක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් සමග ශ්‍රී ලාංකික ගුවන් මගීන් දෙදෙනෙකු පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , ඒවා සියලුම පරීක්ෂණ නිමා කර , කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටියදි එලෙස අද අලුයම අත්අඩංගුවට ගෙන ඇත්තේ .

මොවුන් දෙදෙනා ව්‍යාපාරිකයන් වන අතර ඔවුන් අතරින් එක් අයෙකු නාත්තන්ඩිය ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි පුද්ගලයෙකි .

අනෙක් පුද්ගලයා කොට්‍රාමුල්ල ප්‍රදේශයේ පදිංච් 42 හැවිරිදි අයෙකි .

ඔවුන් අලුයම ඩුබායි සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 226 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .

ඔවුන් විසින් ගෙන ආ ගමන් මලු තුළ නීති විරෝධී දුම්වැටි 40,000 ක් අඩංගු දුම්වැටි කාටූන් 200 ක් සගවා ගෙන තිබුණි .

මේ වනවිට මොවුන් අත් අඩංගුවේ තබා ගෙන මේ පිළිබද වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරමින් සිටිති .