විදෙස් රටක නිෂ්පාදිත පොකට් පිස්තෝලයක් හා ඊට යොදන පතොරම් ගැබක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු රත්මලාන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, පොලිස් විශේෂ කාර්ය බලකායේ බුද්ධි කොට්ඨාශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදීයි. එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ රත්මලාන ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 57 ක පුද්ගලයෙක්. ඔහු වැඩිදුර විමර්ශන සඳහා ගල්කිස්ස පොලිස් ස්ථානය වෙත භාර දුන් බවද පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසුවා.