2027 වසරේ පැවැත්වෙන ආසියානු කුසලාන පාපන්දු තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ තුන්වන වටයේ තරගයකින් විශිෂ්ට ජයග්‍රහණයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම සමත් වී තිබෙනවා.
ඒ, චීන තායිපේ කණ්ඩායම ගෝල 03ට 01ක් ලෙස පරාජය කරමින්.
මෙහි විශේෂත්වය වුණේ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් තරගයෙහි දෙවන අර්ධයේ මිනිත්තු 09ක් තුළ මෙම ගෝල ත්‍රිත්වයම වාර්තා කිරීමයි.
ආසියානු කුසලාන පාපන්දු තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ තුන්වැනි වටයේදී ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම වාර්තා කළ සිය පළමු ජයග්‍රහණය මෙයයි.
මෙහි තවත් විශේෂත්වයක් වන්නේ ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකාවට වඩා ස්ථාන 34ක් ඉදිරියෙන් සිටින චීන තායිපේ කණ්ඩායම පරාජය කිරීමයි.
ශ්‍රී ලංකාව ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම්වල 200 වැනි ස්ථානයේ පසු වන අතර චීන තායිපේ කණ්ඩායම පසුවන්නේ 166 වැනි ස්ථානයේයි.
ආසියානු කුසලාන පාපන්දු තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ තුන්වැනි වටයේ ශ්‍රී ලංකාව සහ චීන තායිපේ කණ්ඩායම අතර මෙම තරගය පැවැත්වුණේ ඩී කාණ්ඩය යටතේය.
ඒ, කොළඹ තුරඟ තරග පිටියේදීයි. කණ්ඩායම් දෙකම මෙම තරගයට පිවිසයේ මූලික වටයේ තමන් සහභාගී වූ පළමු තරගය පරාජය වී තිබූ පසුබිමකයි.
ආසියානු කුසලාන පාපන්දු තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ තුන්වැනි වටයේ ශ්‍රී ලංකාව සහභාගී වන මීළග තරගය ටර්කිමේනිස්තානයට එරෙහිව පැවැත්වීමට නියමිතයි. ඒ, ඔක්තෝබර් මස 09 වනදායි.