නත්තල් දිනය සහ දීර්ඝ සති අන්ත නිවාඩුව සැලකිල්ලට ගනිමින් අද දිනයේද කොළඹ සිට පිට පළාත් සදහා විශේෂ බස් රථ සේා ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය පවසනවා.

එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ධාවන පී එච් ආර් ඩී චන්ද්‍රසිරි මහතා පැවසුවේ අද දිනයේද අතිරේක බස් රථ 72 ක් උදෑසන කාලයේදි කොළඹ සිට පිට පළාත්වලට ධාවනය කරන බවයි.

ආපදා හේතුවෙන් මේ වනවිට දුම්රිය ධාවනය නොවන ප්‍රදේශ සැලකිල්ලට ගනිමින් විශේෂ බස් රථ සේවා ක්‍රියාත්මක කරන බව ද ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ධාවන පී එච් ආර් ඩී චන්ද්‍රසිරි මහතා වැඩිදුරටත් සදහන් කළා.

අද දිනයේදී සාමාන්‍ය දුම්රිය කාලසටහනට අනුව දුම්රිය ධාවනය සිදුකරන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ.

ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ දුම්රිය ගමනා ගමන අධිකාරි අසංක සමරසිංහ මහතා.

කෙසේවෙතත් පවතින තත්ත්වයන් හේතුවෙන් විශේෂ දුම්රිය වැඩි ප්‍රමාණයක් ධාවනයට එක් කිරීමට හැකියාවක් නොමැති බවද දුම්රිය ගමනා ගමන අධිකාරියාවරයා වැඩිදුරටත් සහන් කළා.