Published
ජනජීවිත යථා තත්ත්වයට පත්කිරීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ රුපියල් බිලියන 500 ක් සඳහා වන පරිපූරක ඇස්තමේන්තුව සම්මත කර ගැනීම සදහා සහාය ලබාදෙන බව විපක්‍ෂය පවසනවා.
ඉදිරියටත් තවත් මුදල් අවශ්‍ය බවට ආණ්ඩුව පවසන්නේ නම් ඒ සදහාද විපක්‍ෂය සහාය ලබාදෙන බවයි සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පැවසුවේ.
පීඩාවට පත් ජනතාව වෙනුවෙන් සමගි ජනබලවේගය මුල් අවස්ථාවේ සිටම කටයුතු කළ බවද මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසුවා.




