විෂ මත්ද්‍රව්‍ය මුලිනුපුටා දැමීම සඳහා වන “රටම එකට ජාතික මෙහෙයුම” රජයේ වැඩසටහනට පූර්ණ සහාය ලබාදෙන බව විපක්‍ෂය පවසනවා. සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පැවසුවේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ දේශපාලනඥයින්ගේ නම් ද හෙළි කර ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසයි.

සිය පක්‍ෂයද රජයේ එම වැඩපිළිවෙල පුර්ණ සහාය ලබාදෙන බවයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පැවසුවේ. මේ, ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ එම පක්‍ෂයේ මාධ්‍ය ප්‍රකාශක සංජීව එදිරිමාන්න මහතා.

“රටම එකට ජාතික මෙහෙයුම” සමාරම්භක වැඩසටහනට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රධානත්වයෙන් කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී ඊයේ පැවැත්වුණා. එහිදී ජනාධිපතිවරයා විපක්‍ෂයෙන්ද ඉල්ලා සිටියේ විෂ මත්ද්‍රව්‍ය මුලිනුපුටා දැමීමේ වැඩසටහනට සහය ලබාදෙන ලෙසටයි.