අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවියට එරෙහිව විපක්ෂය ගෙන එන විශ්වාසභංග යෝජනාව පරාජයට පත් කරන බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පවසනවා.

දේශපාලන වාසි ලබා ගැනීමේ අරමුණින් විපක්ෂය මෙම විශ්වාසභංග යෝජනාව ගෙන ඒමට සැලසුම් කර ඇති බවයි අමාත්‍යවරයා පැවසුවේ.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා දැක්වූයේ මෙවන් අදහසක්.

ජනතාව ආණ්ඩුව කෙරෙහි තැබූ විශ්වාසය මේ වනවිට පළුදු වෙමින් පවතින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා පවසනවා.

ඉදිරි මැතිවරණවලදී ජනතාව නිවැරදි තීරණයක් ගනු ඇති බවට තමන් විශ්වාස කරන බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.