වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් අදත් දේශපාලඥයින් විවිධ අදහස් පළ කළා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මාධ්‍ය හමුවේ අද චෝදනා කළේ ආණ්ඩුවට ජනතාවගේ සැබෑ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දීමට නොහැකි වී ඇති බවයි.

කෙසේවෙතත් අමාත්‍ය, වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසුවේ ආණ්ඩුව රට හදන වැඩපිළිවෙළ නිවැරදිව සිදු කරන බැවින් විපක්ෂයට අද වෙනත් කටයුත්තක් ඉටු කිරීමට පවා නොමැති වෙමින් ඇති බවයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේ රටක් පාලනය කරන්නේ කෙසේදැයි ආණ්ඩුවට නොතේරෙන බවයි.

කෙසේවෙතත් අමාත්‍ය, මහාචාර්ය අනිල් ජයන්ත මහතා පැවසුවේ වත්මන් ආණ්ඩුව සියල්ල කළමනාකරණය කරමින් රට නිවැරදි දිශාවට රැගෙන යමින් ඇති බවයි.