අද පාර්ලිමේන්තුවේ විශේෂ සිද්ධිය වූයේ විපක්ෂය නියෝජනය කරන පක්ෂ නායකයින් රැසක් පාර්ලිමේන්තු සභාගර්භයෙන් ඉවත් වීමයි.

ඒ, කථානායකවරයාගේ පක්ෂග්‍රාහී හැසිරීමට විරෝධය පළ කරමින් යැයි පවසමින්.

කෙසේවෙතත් දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් පිරිසක් පාර්ලිමේන්තුව තුළ රැඳී සිටිමින් අද පැවති විවාදයට එක් වුණා.

මේ, පාර්ලිමේන්තු මන්ත්‍රී ශානික්‍යම් රාසමානික්කම් මහතා.

නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා පසුව විවාදයට එක්වුණා.

නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතාද විවාදයට එක්වෙමින් අදහස් පළ කළේ මෙලෙසයි.

 

මේ අතර විපක්ෂයේ මන්ත්‍රීවරුන් අද දිනයේ පාර්ලිමේන්තු සභා ගර්භයෙන් ඉවත් වීම සම්බන්ධයෙන් අද පස්වරුවේ විපක්ෂ නායක කාර්යාලය විශේෂ නිවේදනයක් නිකුත් කළා.