කාලයේ අවශ්‍යතාවය ක්‍රියාමාර්ග ගැනීම බවත් රජය ජනතාවගේ ජීවිත බේරා ගත යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කර සිටියේ තම නිල X ගිණුමේ සටහනක් තබමින්.

එමගින් ඔහු පවසා සිටියේ ආහාර, ජලය, සනීපාරක්ෂක පහසුකම් සහ ආරක්ෂිත ස්ථාන වැනි අත්‍යවශ්‍ය ද්‍රව්‍ය කඩිනමින් සැපයිය යුතු බවත් වැඩිහිටියන් සහ ආබාධිතයන් වැනි අවදානමට ලක්විය හැකි කණ්ඩායම් රැකබලා ගැනීම සඳහා විශේෂ අවධානයක් යොමු කළ යුතු කාලය පැමිණ ඇති බවයි

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තැබූ X සටහන පහතින්