Published
දැනට 12 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන් සදහා පැවැත්වීමට නියමිතව තිබූ 2025 - සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගයෙ ලබන වසරේ ජනවාරි 11 වන දින පැවැත්වීමට කටයුතු සංවිධාන කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.
ආපදාවට ලක් වූ පාසල් අයදුම්කරුවන්හට තම විභාග මධ්‍යස්ථානයේදී විභාගයට පෙනී සිටීමට නොහැකි නම් තම පාසලේ විදුහල්පතිවරයා දැනුවත් කළ යුතු බවයි විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය පැවසුවේ.
එමෙන්ම විදුහල්පතිවරුන් තම විදුහලේ ආපදාවට ලක්වූ අයදුම්කරුවන් සිටී නම් ඒ පිළිබදව කලාප අධ්‍යාපන අධ්යක්ෂ හා විභාග කොමසාරිස් පාසල් විභාග සංවිධාන හා ප්‍රතිඵල දැනුවත් කළ යුතු වනවා.



